Saturday, August 02, 2025
Follow Us
සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම්

සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

දිනකට මෙරට පරිසරයට බැහැර කෙරෙන ලන්ච් ෂීට් ප්‍රමාණය අවම වශයෙන් මිලියන 10 ඉක්මවනු ඇතැයි දළ වශයෙන් ගණන් බලා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ලන්ච් ෂීට් පසෙහි දිරාපත් වී නොපෙනී යාම වසර දෙක තුනකින් සිදු වුවද ලන්ච් ෂීට් නිසා පසට එකතුවන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වසර 200කට වැඩි කාලයක් පවතින බව විද්‍යාඥයින් විසින් සනාථ කර තිබේ.

මීට පෙර අවස්ථාවන්වල දී ලන්ච් ෂීට් තහනම් කිරීම සම්බන්ධව පරිසර අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබු බැවින් නව ගැසට් පත්‍රයක් පළකිරීමෙන් තොරව නියෝගයක් නිකුත් කිරීමේ හැකියාවක් පවතින බව ද පරිසර අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

(Aruna)