වික්ටෝරියා ජලාශය ආසන්න ප්‍රදේශවල නව භූ කම්පන මාන 10 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය පවසයි.
එම උපකරණ ලැබී ඇති අතර එම භූ කම්පන මාන සවිකිරීමෙන් අනතුරුව දැනට වික්ටෝරියා ජලාශය ආසන්නයේ සිදුවන භු කම්පනවල තත්ත්වය හොඳින් නිශ්චය කිරීමට හැකියාව ලැබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කරයි.
මහකනදරාව, පල්ලෙකැලේ, බුද්ධංගල හා හක්මන යන ස්ථානවල දැනට භූ කම්පනමාන සවිකර තිබෙන අතර දැනට තිබෙන තත්ත්වය අනුව සිදුවන භූ කම්පනවල නිසි තොරතුරු දැන ගැනීමට නොහැකි බව ඔහු පැවසීය.
(Aruna)