Sunday, August 03, 2025
Follow Us
තවත් කොවිඩ් මරණ 52ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් ඊයේ (20) දිනයේ මරණ 52ක් සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා අද (21) තහවුරු කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2633ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්තා වූ මරණ 52න් 22ක් කාන්තාවන් වන අතර සෙසු මරණ 30 පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

(Aruna)