Sunday, August 03, 2025
Follow Us
පොහොර හිඟයක් නිසා ආහාර හිඟයක් ඇතිවෙයිද ?

පොහොර හිගයට එරෙහිව තවදුරටත් ගොවීන් සිය විරෝධතාවය දක්වන බව ඉකුත් දිනවලදීද වාර්තා වුණා. ඒ හරහා අස්වැන්න ද අඩු වී ආහාර හිඟයක්ද ඇති විය හැකි බවටයි විවිධ පාර්ශව සදහන් කර තිබුණේ. එසේ වුවහොත් ආහාර ආනයනය කිරීමට සිදු විය හැකි බවද ඔවුන් පෙන්වා දුන්නා. එවැන්නක් සිදුවුවහොත් මෙරට ආර්ථිකයට තවත් බලපෑමක් සිදුවේද ?

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ආණ්ඩුව ඉකුත් දා තීරණය කළා. එසේ තිබියදී තවදුරටත් කාබනික පොහොරද ආනයනය කරන්නේ මන්දැයි නෙත් නිවුස් අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් විමසීමක් කළා.

මේ අතර පාසල් සහ පන්සල් කේන්‍ද්‍ර කර ගනිමින් කාබනික වගාවට දරුවන් හා ජනතාව හුරුකරවීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත්දා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඒ සදහා අදාළ අමාත්‍යාංශ සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා එහිදී නිලධාරින්ට පවසා ඇත්තේ.

(Neth)