Sunday, August 03, 2025
Follow Us
දෙමටගොඩ පුද්ගලයින් 15කට කොවිඩ්

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පළමුවරට වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන්ට ආසාදනය වී ඇත්තේ කුමන කොවිඩ් ප්‍රභේදය යන්න පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා අදාළ සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයේ පුද්ගලයින් 129 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් 15 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

පවතින අවදානම සැලකිල්ලට ගනිමින් දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු අද (19) ආරම්භ කෙරුණි.

(Aruna)