Sunday, August 03, 2025
Follow Us
ආගමික මධ්‍යස්ථානවල ළමා අපචාර ඉහළට

ආගමික මධ්‍යස්ථානවලට අදාළව පසුගිය වසරේදී ළමා අපයෝජන පැමිණිලි 98ක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබේ.

ආගමික නියෝජිතයෝ දහතුන් දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි
මෙම පැමිණිලි සම්බන්ධ පරීක්ෂණවලින් පසු ආගමික නියෝජිතයෝ දහතුන් දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි එම අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ‘අරුණ’ට ඊයේ (17 වැනිදා) පැවසීය. නීතිමය කටයුතු කිරීමේදි ඇතැම් අවස්ථාවන්හිදි ආගමික නායකයන්ගෙන් පවා බලපෑම් එල්ල වූ බවත් ඒ කිසිදු බලපෑමකට යටත් නොවී නීතිය අකුරටම ක්‍රියාත්මක වූ බවත් සභාපතිවරයා කීවේය.

කොවිඩ් පළමු රැල්ල අවස්ථාවේ දී මෙන් නොව තෙවැනි රැල්ලේදී ළමා හිංසන සම්බන්ධයෙන් වන පැමිණිලි විශාල වශයෙන් අඩු වී ඇතැයිද මින් පෙර ලද පැමිණිලිවලට අදාළව ගත් ක්‍රියාමාර්ග ඊට හේතු වී ඇතැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

(Aruna)