Sunday, August 03, 2025
Follow Us
ඉන්දීය ප්‍රභේදයට එක් මාත්‍රාවක් මදි

මෙරටින් පළමුවරට හමුවූ ‘ඩෙල්ටා’ යනුවෙන් හඳුන්වා ඇති කොවිඩ් ඉන්දියානු ප්‍රභේදය සඳහා දැනට භාවිතයේ පවතින එන්නත්වල එක් මාත්‍රාවක් පමණක් ලබාගැනීම ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර ‘අරුණ’ට පැවැසීය.

දැනට ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් යන එන්නත් පිළිබඳව කරපු අධ්‍යයනයන්වලදී හෙළි වෙලා තියෙනවා මේ ඩෙල්ටා ප්‍රභේදයට එන්නත්වල එක මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් නැහැ කියලා. මේ එක මාත්‍රාවකින් ලැබෙන්නේ සීයට තිස් තුනක ප්‍රතිශක්තියක් විතරයි. ඒක මේ ප්‍රභේදයට ප්‍රමාණවත් නැහැ’’

B.1.617.2 යනුවෙන් වර්ග කර ඇති මෙම ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ‘‘අපට සිතා ගත නොහැකි තරම් නරකම’’ ප්‍රභේදයක් බව ආචාර්ය ජීවන්දර පෙන්වා දෙයි. එසේම මෙම ඩෙල්ටා ප්‍රභේදය දැනට මෙරට තුළ ව්‍යාප්තව ඇති ‘ඇල්ෆා’ හෙවත් බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදයට වඩා 50%ක වේගයෙන් ව්‍යාප්ත වන බවද ආචාර්ය ජීවන්දර පවසයි.

(Aruna)