අද සහ හෙට දෙදින තුළ තොග වෙළඳාම සඳහා දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ජංගම වෙළඳුන්ට අවශ්‍ය එළවළු සහ පළතුරු තොග වශයෙන් මිලදී ගැනීමට අවසර ලැබී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
කෙසේවෙතත්, බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග මිල අද දිනයේ ද ඉහළ අගයක තිබෙනු දැකගත හැකි වුණා. ඇතැම් එළවළු වර්ගවල කිලෝවක තොග මිල රුපියල් 200 ත් 250 ත් අතර පැවතීම කැපී පෙනෙන තත්ත්වයක්. බෝංචි, කරවිල, අමුමිරිස්, මාළුමිරිස්, එළබටු ඒ අතරින් ප්‍රධානයි.
මේ අතර වෙළඳපලේ සහල් වර්ග රැසක මිල ද ඉහළ ගොස් ඇති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණා.
නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් ද අද අනාවරණ කළේ වෙළඳපලේ ඉහළ යන සහල් මිල සම්බන්ධවයි.
(Neth)