Sunday, August 03, 2025
Follow Us
මාරාන්තික ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය කොළඹින් හඳුනා ගනී

ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය කොළඹ ප්‍රජාවගෙන් ලබාගත් ජෛව සාම්පල වලින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඒ අනුව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් පස් දෙනෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමු වී තිබේ.

එම කොවිඩ් ප්‍රභේදය මෙරට සමාජය තුළින් හඳුනාගත් පළමු අවස්ථාව ද මෙය වෙයි.

මෙරට තුල කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වලදී මෙය හඳුනා ගත් බවයි ආචාර්ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ප්‍රභේදය දැනට මෙරට තුළ ව්‍යාප්තව ඇති B 117 ප්‍රභේදයට වඩා අතිශය බරපතළ හානි ගෙනදෙන බවත් එය 50 ගුණයක වේගයකින් ව්‍යාප්ත වන බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

(Aruna)