කිරිපිටි ආනයනික සමාගම් විසින් ආනයනික කිරිපිටි මිල වැඩි කරන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් රුපියල් 350කින් ද ග්‍රෑම් 400යේ පැකට්ටුවක් රුපියල් 140කින් ද ඉහළ දමන ලෙස පාරිභෝගික අධිකාරිය වෙත ඉල්ලීම් යොමුකර තිබේ.
කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් මේ වන විට රුපියල් 945ක මිලකට අලෙවි කෙරෙන අතර, ආනයනික කිරිපිටි සමාගම්වල ඉල්ලීම් පරිදි මිල වැඩි කළහොත් නව මිල 1295ක් දක්වා ඉහළ යනු ඇත.
ලෝක වෙළදපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ නැව් ගාස්තු ඉහළ යාම හේතුවෙන් මිල ඉහළ දැමීමටයි අදාළ සමාගම් ඉල්ලා ඇත.
ඇමරිකානු ඩොලර් 2800ක්ව පැවති ලෝක වෙළදපොළේ කිරිපිටි ටොන් එකක් මේ වන විට ඩොලර් 4300 දක්වා ඉහළ ගොස් ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසයි.
(Aruna)