රුපියල් 90,000 ක් වටිනා සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ (16) හබරාදූව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ.
අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනියුක්තව සේවය කරන රියදුරෙකු සහ සුළු සේවකයෙකු සිද්ධියට වගකිව යුතු බවට පැවසෙන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට ගාල්ල කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පත්කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
(Aruna)