Tuesday, August 05, 2025
Follow Us
කුලී රථ රියැදුරෝ අනතුරේ

ඉන්ධන මිල වැඩිවීමෙන් මෙරට කුලී රථ කර්මාන්තය දැවැන්ත අසරණ බවකට පත්වී ඇති බවත් මේ හේතුවෙන් සෘජු සහ වක්‍ර රැකියා ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇති බවත් සමස්ත ලංකා කුලීරථ හිමිකරුවන්ගේ සංගමයේ කැඳවුම්කරු කසුන් ජයතුංග මහතා පැවැසීය.

ජයතුංග මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (15දා) හොරණ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

ඔහු මෙසේද කීහ.

රටේ දරාගන්න බැරි විදියට තෙල් මිල වැඩිවෙලා තිබෙන යුගයක කුලීරථ හිමිකරුවන් විදියට අපි අසරණ වෙලා ඉන්නවා. කුලීරථ ආයතන දහසක් පමණ මේ රටේ තිබෙනවා. මේ හරහා රියදුරන්, සහායකයන්, කාර්යාල සේවකයින් වැනි රැකියා මාර්ග ලක්‍ෂයකට ආසන්න පිරිසක් මේ ව්‍යාපාරය තුළ රැඳිලා තිබෙනවා.
අපේ වාහන වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ ලීසිං වාහන. එනිසා ලිසිං ගෙවීමේ අපහසුව අපිට දැවැන්ත ලෙස බලපානවා. පසුගිය කාලයේ කොරෝනා වසංගතයත් සමග රට වැසීමෙන් පසුව අපිට ලීසිං ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.

(Aruna)