Tuesday, August 05, 2025
Follow Us
ප්‍රීමා සමාගම තවත් තිරිඟු පිටි වර්ගයක මිල ඉහළ දමයි

පාන් ඇතුලු බේකරි නිෂ්පාදන සදහා යොදාගන්නා මිල්ක් බ්‍රෑන්ඩ් වර්ගයේ ප්‍රීමා පිටි කිලෝවක මිල රුපියල් 3.50 කින් ඉහළ දමා තිබෙනවා.

අද දිනයේ සිට එම මිල වැඩි කිරීම සිදුකරන බවයි ප්‍රීමා සමාගම සිය අලෙවි නියෝජිතයන්ට දැනුම් දී ඇත්තේ.

ඒ, අනුව ප්‍රීමා සමාගම විසින් මීට පෙර රුපියල් 4,000 කට අලෙවි කළ මිල්ක් බ්‍රෑන්ඩ් කිලෝ 50 ක පිටි මිටියක මිල රුපියල් 4,175 ක් දක්වා ඉහළ යනවා.

රොටි වර්ග නිෂ්පාදනය සදහා භාවිත කරනු ලබන පිටි කිලෝවක මිල රුපියල් 04 කින් වැඩි කිරීමටද ප්‍රීමා සමාගම පසුගියදා පියවර ගත්තා.

(Neth)