Wednesday, August 06, 2025
Follow Us
ප්‍රවීණ නිළියකගේ දියණියකට පහරදී හිසකෙස් කපා දමයි

පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක හිමිකාරිණියකට පහරදී ඇයගේ හිසකෙස් කපා දමා තිබෙනවා. එලෙස පහරදී ඇත්තේ පහරකෑමට ලක් වූ කාන්තාවගේ අනියම් ස්වාමි පුරුෂයාගේ බිරිද ඇතුළු තවත් කාන්තාවන් දෙදෙනෙක් විසින් බවයි පානදුර උතුර පොලීසිය පැවසුවේ.

පහරකෑමට ලක් වූ කාන්තාව ප්‍රවීණ රංගන ශිල්පිනියකගේ දියණියක් ද වනවා. ඇයට පහර දුන් කාන්තාවන් තිදෙනා පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සංචරණ සීමා කඩ කිරීමේ චෝදනාව ද ඔවුන්ට එල්ල වී තිබෙනවා. අදාළ කාන්තාවන් තිදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන් රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත 3 ක් මත මුදා හැරුණා.

(Neth)