Wednesday, August 06, 2025
Follow Us
සංචරණ සීමා ඉවත් කිරීමට හොද තත්ත්වයක් නෑ

සංචරණ සීමා ඉවත් කිරීමට තරම් රට තුළ යහපත් තත්ත්වයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ 14 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීමට හැකියාවක් නොමැති බවයි.

පවතින තත්ත්වය මත තවත් සති දෙකක කාලයක් සංචරණ සීමා දීර්ඝ කිරීම සුදුසු බව ඒ් මහතා පෙන්වා දෙයි.

සංචරණ සීමා පනවා තිබියදී විශාල පිරිසක් එම සීමා නොතකා දෛනිකව නිවසෙන් බැහැරව යාමෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව උපුල් රෝහණ මහතා සදහන් කරයි.

(Aruna)