කොවිඩ් 19 තුන්වන රැල්ල සමඟ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත රජය ලබාදුන් නිර්දේශ අනුව අදාල ණය සහන පාරිභෝගිකයන් වෙත ලබා නොදෙන්නේ නම් එවන් පාරිභෝගිකයන් හට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව 011-2477966 දුරකථන අංකයට ඇමතීමෙන් සිය පැමිණිලි සෘජුවම ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය වෙත දැනුම්දිය හැකියි.
(Aruna)