Wednesday, August 06, 2025
Follow Us
සහරාන් හෂීම්ට සහය දුන් බව කියන දෙදෙනෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතක සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන් තිබේ.

ඒ,කහටගස්දිගිලිය සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවලදීය.

අත්අඩංගුවට පත් දෙදෙනා අතර කහටගස්දිගිලිය මුකරියාව උපතැපැල් ස්ථානාධිපතිවරයාද වන බවයි පොලීසිය පවසන්නේ.

ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ 2018 වර්ෂයේ දි සහරාන් හසීම් ඇතුළු 05 දෙනෙකුට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙනි.

අත්අඩංගුවට පත් අනෙක් තැනැත්තා වන්නේ මඩකලපුව බන්ධනාගාර ගතව සිටි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 35 පුද්ගලයෙකි. ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ අන්තවාදි මත ප්‍රචාරය කිරීම හා සහරාන් හෂිම් සමඟ සබඳතා පැවැත්වීමය.

මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිතයි.

(LNW)