කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශයට අයත් නොවන සියලු රාජ්‍ය නිළධාරීන් එන්නත්කරණ වැඩසටහනට සහාය දැක්වීමෙන් ඉවත් වී තිබෙනවා. ඒ අනුව ප්‍රාාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිළධාරීවරුන්, සමෘද්ධි නිළධාරීවරුන්, සංවර්ධන සහකාර නිළධාරීවරුන් එන්නත්කරණයට අදාල සියලු කටයුතුවලින් ඉවත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුවන එන්නත්කරණ කටයුතු සඳහා රාජ්‍ය නිළධාරීන්ගේ සහාය ලබා දුන්නේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්ගේ ඉල්ලීම මත බවත්, කෙසේ නමුත් එම සහාය ලබාදීම ඇතැම් පාර්ශ්ව විසින් අනිසි මැදිහත්වීමක් ලෙස නම්කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා සිය ලිපියෙන් අවධාරණය කරනවා. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත යවා ඇති ලිපියක මේ බව සඳහන් කර තිබෙන බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙන්නේ.
මෙම තත්වය මත එන්නත්කරණ වැඩසටහන සඳහා සහාය ලබාදෙන දිස්ත්‍රික් ලේකම්වරුන්, ග්‍රාම නිළධාරීන්වරුන්, සමෘද්ධි නිළධාරීවරුන් ඇතුළු පිරිස බලවත් අපහසුතාවයට පත්ව ඇති බවත්, ඒ අනුව එන්නත්කරණයට අදාල සියලු කටයුතුවලින් තම නිළධාරීන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. එන්නත්කරණය හැර සෙසු සියලු කොරෝනා මර්දන රාජකාරිවල තවදුටත් නිරත වන බවද ඔහු පවසනවා.
(LNW)