වෛද්‍යවරුන්ට පමණක් වැටුප් සහ දීමනා ලබා දීමට එරෙහිව සියලු රෝහල්වල සෞඛ්‍ය සේවකයන් අද (11 වැනිදා) වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට නියමිතය. මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සඳහා සියයකට අධික සෞඛ්‍ය සේවාවන්වල කාර්ය මණ්ඩල සාමාජිකයෝ 75000ක් පමණ සහභාගි වන බව පරිපූරක වෛද්‍ය වෘත්තිය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් පැවසීය.
ඊයේ (10 වැනිදා) කොළඹ පැවැති සෞඛ්‍ය වෘත්තිය සමිති කමිටුවේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළ අතර එහි දී ඔහු කියා සිටියේ අද (11 වැනිදා) උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.
එබැවින් කොවිඩ් සඳහා ප්‍රතිකාර ගැනීම හැර අත්‍යවශ්‍ය හේතුවක් නොමැති නම් අද (11 වැනිදා) රෝහල් කරා නොපැමිණෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙහි දී අදහස් දක්වමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේ විශේෂිත රෝහල් 15ක් සහ කොවිඩ් රෝහල් සහ ආයතන 125 හැර අනෙකුත් රෝහල්වල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවය.
මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයෙන් කොවිඩ් ආසාදිතයන් හට කිසිදු අගතියක් සිදු නොවීමට වගබලාගන්නා බවද ඔහු සඳහන් කළේය.
(Aruna)