Thursday, August 07, 2025
Follow Us
මඩු මංගල්‍යය ජූලි 2 වැනිදා

මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා මෙවර සහභාගි විය හැක්කේ මන්නාරම දිස්ත්‍රික්කයේ සුළු බැතිමතුන් පිරිසකට පමණක් බව මන්නාරම රදගුරු ඉමානුවෙල් ෆර්නැන්ඩෝ පියතුමන් ඊයේ (9) පැවැසීය.

ජූලි 2 වැනිදා පැවැත්වෙන මෙම මංගල්‍යය සඳහා වෙනත් කිසිදු දිස්ත්‍රික්කයකින් කිසිදු බැතිමතකු නොපැමිණෙන ලෙස රදගුරුතුමන් ඉල්ලා සිටියි.

මෙම මස 23 වැනිදා සිට ජූලි 2 වැනිදා තෙක් පැවැත්වෙන මෙම මංගල්‍යය රූපවාහිනී හා සමාජ මාධ්‍ය මගින් සජීවීව විකාශනය කරන බවද උන්වහන්සේ සඳහන් කළහ. වාර්ෂික මඩු මංගල්‍යය සම්බන්ධයෙන් මන්නාරම දිසා ලේකම් ස්ටැන්ලි ද මැල් හා සෞඛ්‍ය අංශ සමගින් පෙරේදා (8) සාකච්ඡාවක් පැවැති අතර මෙහිදී කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම මංගල්‍යය පූර්ණ සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව චාම්ව පැවැත්වීමට අවසර හිමිවිය.

මෙම මංගල්‍යයට පිටස්තර දිස්ත්‍රික්කවලින් බැතිමතුන් එක්කර නොගැනීමට තීරණය කළ බවත් ඉතා අඩු බැතිමතුන් පිරිසක් සම්බන්ධ කරගනිමින් මෙම මංගල්‍යය පැවැත්වීමට අවසර දී තිබෙන බවත් මන්නාරම දිසා ලේකම් ස්ටැන්ලි ද මැල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

(Aruna)