Thursday, August 07, 2025
Follow Us
දිනකදී වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි

මෙරට තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 67දෙනෙකු මියගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කළේ මැයි මස 17 සිට මැයි මස 31 දක්වා මරණ 19ක් සිදුව ඇති බව කරයි.

එමෙන්ම ජුනි 01 සිට ජුනි 08 දක්වා මරණ 48ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කරයි.

ඒ අනුව මේ දක්වා මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1910ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)