නිරෝධායන නීති කඩ කරමින් උපන් දින සැමරුමක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතාගේ අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කෙසේ නමුත් ඔහු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටින බැවින් ප්‍රකාශ සටහන් කර ගැනීමට තවදුරටත් ප්‍රමාද කිරීමට සිදුවන බවයි.
නිරෝධායන කාලසීමාව අවසාන වීමෙන් පසුව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවත් ඉන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
මේ වනවිටත් අදාල උපන් දින සැමරුමට සහභාගි වූ පොලිස් නිළධාරීන් ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් අත්ඩංගුවට ගෙන ඉන්පසුව නිරොධායනයට යොමු කිරීමේ මෙතෙක් පොලීසිය අනුගමනය කළ ක්‍රමවේදයයි. මහත් ආන්දෝලනයකට ලක් වූ චන්දිමාල් ජයසිංහගේ සාදය සඳහා සහභාගි වූ පිරිසටද එම ක්‍රමවේදය අනුගමනය කළේය.
කෙසේ නමුත් පොලිස් නිළධාරීන් සමග එක්වම නිරෝධායන නීති කඩකළ කුරුණෑගල නගරාධිපතිවරයා සම්බන්ධයෙන් ඊට වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශ අනුව පැහැදිලි වන්නේ.
(LNW)