Thursday, August 07, 2025
Follow Us
කොවිඩ් මර්ධන එන්නත් ලබාගත් මෙරට පුද්ගලයින් ගණන දහනව ලක්ෂ හැත්තෑනවදහස ඉක්මවයි

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 19,567 දෙනෙකුට ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් නව ලක්ෂ 89,574 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

මේ අතර ඊයේ දිනයේදී කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරට තවත් පුද්ගලයින් 487 දෙනෙකුට ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුළ කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 53,789 ක්.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් ගණන 64,986 ක්.

ඒ අනුව ඊයේ දිනය නිමාවන විට මෙරට පුද්ගලයින් දහනව ලක්ෂ 79,802 දෙදෙනෙකුට මෙරට භාවිත වන කුමන හෝ කොවිඩ් එන්නතක පළමු මාත්‍රාව ලබා දී අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)