Thursday, August 07, 2025
Follow Us
අද සහ හෙට වැසි වැඩි වෙයි - ආපදා මරණ 19 ක් දක්වා ඉහළට

අද සහ හෙට දිනවල දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් සිදු විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායකගෙන්.

මේ අතර දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එක් පුද්ගලයෙතු අතුරුදන්ව සිටින අතර ආපදා හේතුවෙන් තුවාල ලබා ඇති පුද්ගලයින් ගණන් 05 ක්. දිස්ත්‍රික්ක 10 ක පවුල් 55,428 කට අයත් පුද්ගලයින් දෙලක්‍ෂ 19,870 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

 

(Neth)