Thursday, August 07, 2025
Follow Us
ළමුන් අතර ශ්වසන රෝග ඇතිවීමේ අවදානමක්

දිවයිනේ පවතින අහිතකර කාලගුණ තත්ත්වය මත කුඩා ළමුන් අතර ශ්වසන රෝග පැතිරිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසයි.

කුඩා ළමුන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර ද මෙවැනි ශ්වසන රෝග ඇති විය හැකි බව හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

කෝවිඩ් වසංගත සමයේ ශ්වසන රෝග වලට ගොදුරු නොවී ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙස නියෝජ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි

(Aruna)