Thursday, August 07, 2025
Follow Us
වතුර බිලට සහන ගෙවීමේ ක්‍රමයක්

වතුර කපාගන්නේ නැතුව බිල ගෙවාගන්න හැටි මෙන්න


ජල බිල්පත් ගෙවීම සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

මුළු රටටම බලපැවෙත්වෙන පරිදි සති තුනක් තිස්සේ සංචරණ සීමා පැනවීම නිසා පාරිභෝගිකයන්ට ජල බිල්පත් ගෙවීමට අපහසුතා පැන නැගී ඇති හෙයින් ඒ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම සහනය ලබා දීමට සැලසුම් කර ඇත.

සංචරණ සීමා අවසන් වූ පසු බිල්පත් ගෙවීම සඳහා ද සුදුසු කාලයක් දෙන බවත් එම කාලය මාසයකට ආසන්න කාලයක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයන් වී නිරෝධායනය වන පවුල් සඳහා ද ජල බිල්පත වෙනුවෙන් සහනයක් ලබා දීමට ඇමැතිවරයා මෙයට පෙර තීරණය කළේය.

(Aruna)