ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රා තොග මෙරටට ලබා ගැනීමට නොහැකි වුවහොත් එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට ස්පුට්නික්, ෆයසිර් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නෙත් නිවුස් වෙත සදහන් කළේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන එන්නත් මාත්‍රා මිලදී ගැනීම සදහා ප්‍රංශ රජය සහ ජර්මානු රජය සමග සාකච්ඡා කරමින් සිටිනව බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසන් තීරණය අනුව ඇස්ට්‍රාසෙනෙකා පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන එන්නත ලෙස ලබා දෙන්නේ එම එන්නතද නැතහොත් වෙනත් එන්නත් මාත්‍රාවක්ද යන්න තීරණය කරනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුනේ.
(Neth)