Thursday, August 07, 2025
Follow Us
ගිනිගත් නෞකාවේ දත්ත පද්ධතිය සොයාගැනේ

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වොයිස් ඩේටා රෙකෝඩරය හෙවත් VDR පණිවුඩ හුවමාරු දත්ත පටිගත කිරීමේ පද්ධතිය නාවික හමුදාව විසින් ඊයේ සොයාගෙන තිබෙනවා. එය ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.

අදාල නෞකාව අයත් මව් සමාගම සහ දේශීය නියෝජිතයා අතර පටිගත වූ සංවාද විමර්ශන සදහා වැදගත් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

ගිනි ගැනීමට ලක් වූ අදාල නෞකාව සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නෞකාවේ කපිතාන්වරයා ඇතුලු පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

(Neth)