දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට පුද්ගලයින් දෙලක්ෂ 19,027 දෙනෙකු අවතැන්ව සිටිනවා. සිදුව ඇති ආපදා මරණ සංඛ්‍යාව 10 ක්. කළු, කැළණි, ගිං, නිල්වලා, මහඔය සහ අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබෙනවා. ජල ගැලීම් හේතුවෙන් කොටුවී සිටින ජනතාව මුදවා ගැනීම සදහා නාවික හමුදාව විසින් යාත්‍රා ද යොදවා ඇති බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
ප්‍රධාන ගංගා පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශ රැසකට බලපෑ සුලු ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. කැළනි ගග නාගලගම් වීදියෙන් සහ හංවැල්ල ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව සුලු ගංවතුර තත්ත්වයක් පවතිනවා. එම ප්‍රදේශවල ඉහළ ගිය කැළනි ගගේ ජල මට්ටම අඩුවෙමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද අලුයම 03 යි තිහට නිකුත් කල නිවේදනයේ දැක්වුණේ. කළු ගග පිටාර ගැලීම හේතුවෙන් පුටුපාවුල, ඇල්ලගාව, මිල්ලකන්ද යන ප්‍රදේශවලද සුලු ගංවතුර තත්ත්වයක් පවතිනවා.
ගිං ගග බද්දෙගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් බද්දෙගම ප්‍රදේශයට සුලු ගංවතුර තත්ත්වයක් පවතින අතර ඒ ප්‍රදේශයේ කළු ගගේ ජල මට්ටම තව දුරටත් වැඩි වෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ. නිල්වලා ගගේ ජල මට්ටම අඩු වෙමින් ඇති අතර මහඔය බඩල්ගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් සුලු ගංවතුර තත්ත්වයන් මතුව තිබෙනවා.
අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතවද පවතිනනේ සුලු ගංවතුර තත්ත්වයක්. මහඔය සහ අත්තනගලු ඔය ජල මට්ටම ද අඩු වෙමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද අලුයම 03.30 නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.
කෙසේ වෙතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ හා ආපදා කලමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස් ටී සී සුගීෂ්වර සදහන් කළේ ප්‍රධාන ගංගාවල ඉහළ ධාරා ප්‍රදේශයට හෝ පහළ ධාරා ප්‍රදේශවලට ඊයේ දිනයේදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බවයි. ඒ අනුව මේ වන විට පවතින ගංවතුර තත්තවය තවදුරටත් වර්ධනයක් අපේක්ෂා නොකරන බවයි ඔහු සදහන් කළේ.
(Neth)