Thursday, August 07, 2025
Follow Us
කැලණි ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකියි

කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

කැලණි ගං ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24 මි.මී. 125කට අධික වැසි ඇඳ හැලීම හේතුවෙන් කැලණි ගංගාවේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය එලෙස වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ හේතුවෙන් කැලණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල සිටින ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් සැලකිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දෙයි.

(Aruna)