Thursday, August 07, 2025
Follow Us
සුළු ගංතුර තත්ත්වය වර්ධනයවීමේ අවදානමක්

අත්තනගලු ඔය, කළු ගඟ ද්‍රෝණිය හා කැලණි ගඟ ද්‍රෝණියේ දැනට පවතින සුළු ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 තුළ සුළු වශයෙන් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම නිසා පහත් බිම්වල ජනතාවට විමසිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.

අත්තනගලු ඔය

අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත්බිම් ප්‍රදේශ.

කැළණි ගඟ ද්‍රෝණියේ

දෙහිඔ්විට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලයට අයත් පහත්බිම් ප්‍රදේශ.

කළු ගඟ ද්‍රෝණිය

‌හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්ද නුවර, බුලත්සිංහල, දොඩං‌ගොඩ, මිල්ලනිය, මදුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත්බිම් ප්‍රදේශ.

(Aruna)