Thursday, August 07, 2025
Follow Us
එක්ස්ප්‍රස් පර්ල් සම්බන්ධයෙන් වරාය සේවක සංගමයෙන් ප්‍රකාශයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීම සම්බන්ධයෙන් ඒ සඳහා වගකිව යුත්තන් සොයා දඬුවම් පැමිණවීම මෙන්ම සිදුව තිබෙන හානිය විධිමත්ව සොයා බලා අගතියට පත් පාර්ශ්ව සඳහා වන්දි ලබාදීම සඳහා කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

ඒ අනුව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය විසින් ලිඛිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලීම සිදුකර ඇත.

මේ අනුව ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතුන්ගෙන් යුත් පූර්ණ බලැති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලා ඇත.

තවද එහි කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඉල්ලා සිටී.

(Aruna)