Thursday, August 07, 2025
Follow Us
කොවිඩ් දේහ රැගෙන ගිය රථයකට ආරක්ෂාව සපයමින් ගිය රථයක් ප්‍රපාතයට

කොවිඩ් දේහයක් ප්‍රවාහනය කළ රථයකට ආරක්ෂාව සපයමින් හැටන් සිට ඔට්ටමාවඩි දක්වා ගමන් කළ වෑන් රථයක් අද (05) උදෑසන 7ට පමණ අනතුරකට ලක්ව පෙරළී ගොස් තිබේ.

එම රථයේ හැටන් පොලීසියේ නිලධාරීන් 4 දෙනෙක් මෙන්ම තවත් පිටස්තර පුද්ගලයින් දෙදෙනෙක් සහ රියදුරා සිට ඇත.

හැටන් සහ ගිනිගත්හේන අතර මාර්ගයේ 59වන කිලෝමීටර් කණුව අසලදී අනතුර සිදුව තිබෙන අතර රථයේ සිටි උප පොලිස් පරීක්ෂක බෙනට් කුමාරසිංහ මහතා මියගොස් ඇත.

තුවාල ලැබූ අනෙක් පිරිස වටවල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුර සිදුව තිබෙන්නේ කොරෝනා ආසාදිතව මියගිය 79 හැවිරිදි කාන්තාවකගේ දේහයක් එලෙස අද (05) හැටන් සිට ඔට්ටමාවඩි ප්‍රදේශය වෙත රැගෙන යෑම සිදුකරන අතර තුරයි.

අනතුරුව පුද්ගලයාගේ දේහය සහිත රථය ගිනිගත්හේන පොලීසියේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පිටත්කර යවා ඇත.

(Aruna)