Thursday, August 07, 2025
Follow Us
බස්නාහිර ඉඩම් මිල 74%කින් ඉහළට

බස්නාහිර පළාතේ (කොළඹ මහ නගර සභා සීමාව හැර) සමස්ත ඉඩම් මිල වටිනාකම 2018 වසරේ සිට 2021 වසර වන විට 74% කින් ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වේ.

මෙම අනාවරණය සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ අංක එකේ දේපළ වෙළෙඳාම් ‘වේදිකාව’ වන ලංකා ප්‍රොපර්ටි වෙබ් විසින් නිකුත් කරන ලද වාර්ෂික ඉඩම් මිල දර්ශකය ඔස්සේය.

වාර්ෂික පදනමක් මත 2018 සහ 2021 අතර සාමාන්‍ය ඉඩම් මිල ඉහළ යෑමේ ප්‍රතිශතය 15%ක් වේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ආයෝජකයෙකු දේපළ සඳහා ආයෝජනය කර එය වසර 4 සිට 5 දක්වා තබා ගන්නේ නම්, ඔහුගේ ආරම්භක ආයෝජනය කාලයත් සමග එහි වටිනාකම තුන් ගුණයකින් පමණ වැඩි වන බව එම දර්ශකය පෙන්වා දෙයි.

(Aruna)