2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ World Cup Super League තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අවසන් ස්ථානයට පත්ව තිබේ. කණ්ඩායම් 13 ක් සභාගි වන මෙම තරගාවලියේ මෙතෙක් තරග 06 කට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එක් තරගයක් පමණක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 08 ක් හිමි කරගෙන අවසන් ස්ථානයේ රැඳී සිටී.
තරග 09 කදී ජයග්‍රහණ 05 ක් සමගින් බංග්ලාදේශය පළමු ස්ථානයේ පසුවන අතර පිළිවෙලින් එංගලන්තය, පකිස්තානය, ඕස්ට්‍රේලියාව දෙවැනි, තෙවැනි, සිව්වැනි ස්ථානවල රැඳී සිටී.
මෙම තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම තරග 24 කට ක්‍රීඩා කිරීමට නියමිත අතර ඒ අනුව 2023 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීමට නම් ඉතිරි තරග 16 න් තරග 11 ක් පමණ ජයග්‍රහණය කළ යුතුය.
2023 තරගාවලිය සඳහා සත්කාරක ඉන්දියාව සමග කණ්ඩායම් 08 ක් පමණක් සෘජුවම සුදුසුකම් ලබන අතර සෙසු කණ්ඩායම්වලට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගිවීමට සිදු වේ.
මෙම වසරේදී පැවැත්වීමට නියමිත 20/20 ලෝක කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට මුහුණදීමට සිදුව ඇත.
(LNW)