අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගාල්ල, මාතර, කළුතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවල හඳුනා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක නායයාම් ඇතිවිය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ. මෙම අනතුරු ඇඟවීම් අද පෙරවරු 09 සිට පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ.
ගතවූ පැය 24 තුළ රටේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් බලපා ඇති අතර වැඩිම වර්ෂාපතනයක් වාර්තා වන්නේ ඉංගිරිය ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයට මිලිමීටර් 326 ඉක්මවන වර්ෂාපතනයක් ලැබී ඇති අතර මීට අමතරව පස්යාල දන්සල්වත්ත ප්‍රදේශයට මිලිමීටර් 287 ක වර්ෂාපතනයක් හා හොරණ ප්‍රදේශයට මිලිමීටර් 244 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
ඉදිරි පැය 24 තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ ඉතා තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
(LNW)