Saturday, August 29, 2026
Follow Us
‘එක්ස්ප්‍රස් පර්ල්’ ගැඹුරු මුහුදට ඇදගෙන යාම ඇරඹෙයි

ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම මේ වන විට ආරම්භ කර තිබේ.

මේ අතර ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිටුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් එම නෞකාව මේ වන විට ගිලෙමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

ඒ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

(Aruna)