Friday, August 08, 2025
Follow Us
ගිනිගත් නැව නිසා මත්ස්‍ය විශේෂ අවදානමක

කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනිමට ලක් වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ මත්ස්‍ය සම්පතද අවදානමට ලක්ව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතීඥ දර්ශනී ළහඳපුර පැවසුවේ එම මුහුදු පරිසර පද්ධතියට සිදුව ඇති හානිය හේතුවෙන් මුහුදු ජීවින්ටද ඉදිරියේදී යම් බලපෑම් එල්ල කරනු ඇති බවයි.

මේ අතර එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුලු කාර්යමණ්ඩල සාමාජිකයින් 25 දෙනාගෙන් අද දිනයේදී පොලීසිය විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඉකුත් 23 වනදා කොළඹ වරාය පොලීසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සිදු කෙරෙන විමර්ශනවලට අදාලව මෙම ප්‍රකාශ ලබාගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.

(Neth)