Friday, August 08, 2025
Follow Us
නිරෝධායන නීති කැඩූ 793ක් අල්ලයි

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (28) දිනයේදී තවත් පුද්ගලයින් 793 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

නිරෝධායන නීතිය ආරම්භ කළ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගැනුණු පිරිස 16,386කි.

සංචරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සොයන විශේෂ ඩ්‍රෝන මෙහෙයුමේදී සංචරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සිව්දෙනෙක් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ

(Aruna)