Thursday, February 26, 2026
Follow Us
‘යාස්’ අදින් පසුබසී

ඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වූ ‘යාස්’ සුලි කුණාටුව මගින් ශ්‍රී ලංකාවට සහ ලංකාව වටා මුහුදු ප්‍රදේශයට එල්ල කරන ලද බලපෑම අද (27 වැනිදා) දිනයේ සිට අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ නමුත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ.

කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු, මැද, වයඹ යන පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා වැඩිවන බවද පැවසේ.

(Aruna)