ග්‍රාම නිලධාරීවරුන් මේවන විට දිවයින පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා සඳහන් කරන්නේ ග්‍රාම නිලධාරීවරුන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබානොදීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අරඹා තිබෙන බවයි.
සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොලැබුන හොත් ඉදිරියේ දී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැලීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කර ඇත.
කෙසේ නමුත් මීළඟ අදියරේ දී සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යයමණ්ඩලය සඳහා එන්නත් ලබාදීමට නියමිත බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
(Aruna)