Friday, August 28, 2026
Follow Us
නිරෝධායන නීති කැඩු 340ක් අල්ලයි

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් නිරෝධායන නීති කඩකල පුද්ගලයින් 340 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 10,413ක් වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඊයේ(18) දින බස්නාහිර පළාතේ සවස 3 සිට සවස 6 දක්වා වු කාලය තුළ සිදුකළ මෙහෙයුමක දී ජාතික හැඳුනුම්පත් අංකයට අනුගතව කටයුතු නොකළ පුද්ගලයින් 99 දෙනෙක් නිරෝධායන රීතින් යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

(Aruna)