Wednesday, February 25, 2026
Follow Us
කොවිඩ් ආසාදිතව සිටි තවත් ගැබිණි මවක් මියයයි

කොවිඩ් වෛරසය ආසාදිතව ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් මියගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර සිටිනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මියගිය දෙවන ගැබිණි කාන්තා මරණය ලෙසයි මෙය සැලකෙන්නේ.

මෙම ගැබිණි මාතාව කොවිඩ් වෛරසය ආසාදනය වී මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුව ඇයගේ තත්ත්වය අසාධ්‍යවීම නිසා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට් මාරුකර යවා තිබෙනවා.

මෙහිදී මෙම කාන්තව එක්කිමෝ යන්ත්‍රය ආධාරයෙන් සිට තිබෙන අතර දින කිහිපයකට පෙර ඇය මළ දරු ප්‍රසුතියක්ද සිදුකර තිබෙන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

ඇතිවී තිබෙන සංකුලතා හේතුවෙන් එම මාතාව අද දිනයේ දී ජිවිතක්ෂයට පත්වූ බවයි සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

(Neth)