ගැබිනි මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ලබන සඳුදා වන විට මෙම තීරණය දැනුම් දීමට හැකිවනු ඇති බවයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ ගැබිනි මව්වරු සංඛ්‍යාවද ඉහල යමින් පවතිනවා. මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ගැබිනි මව්වරුන්ටද කොරෝනා එන්නත ලබා දිය යුතු බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණේ.
(Neth)