Wednesday, August 13, 2025
Follow Us
දකුණු පළාතේ සියලු සතිපොළවල් වසා දමයි

දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම සති පොළවල් සති දෙකක කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පැවසුවේ සෞඛ්‍ය අංශ මගින් ලබාදුන් උපදෙස් මත එලෙස සති පොළවල් වසා දැමීමට කටයුතු කරන ලෙසට පළාත් පළාන ප්‍රධානින්ට උපදස් දුන් බවයි.

ඒ අනුව දකුණු පළාතේ පළාත් පාලන ආයතනය 49ක් මගින් පවත්වාගෙන යන සතිපොළවල් වසා දැමීමට පියවර ගෙන ඇත.

සතිපොළවල් වලින් භාණ්ඩ මිලදී ගැනීම සදහා පාරිභෝගිකයින් විශාල පිරිසක් එක් රැස්වීම හේතුවෙන් මෙම තීන්දුව ගත් බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.

(Aruna)