2017 වර්ෂයේ සිදු වූ මහ බැංකු බැදුම්කර වංචාවට අදාළව මේ වන විට අධිකරණය මඟහරිමින් සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාදිය පුංචිහේවා යන අය නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා .
ඒ 2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා වලට අදාළවයි.
ඒ අනුව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 458 වගන්තිය අනූව අධිකරණය මගහැර සිටින විත්තිකරුවන් දෙදෙනා නොමැතිව නඩු කටයුතු පවත්වාගෙන යාමට අමල් රණරාජා, නාමල් බළල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා .
එම විත්තිකරුවන් දෙදෙනාට අධිකරණයේ පෙනී සිටීම මඟහරිමින් සිටින බව තහවුරු කිරීමට සාක්ෂි මෙහෙයවා ඔවුන් නොමැතිව නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මහාධිකරණය නියෝග කරන ලදී .
(Neth)