මේ වන විට රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මුස්ලිම් දේවස්ථාන තුළ පැවැත්වෙන සිකුරාදා ජුම්මා දේව මෙහෙය සහ රාමසාන් උපවාස සමයේ සිදුකරණ විශේෂ යාච්ඤා මෙන්ම මුස්ලිම් සභා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කළේ වකුෆ් සභාව විසින්ම එම තීරණය ගත් බවයි.
එමෙන්ම මුස්ලිම් බැතිමතුන් විසින් දිනකට පස්වරක් දේවස්ථාන තුළ සිදුකළ දේව මෙහෙයකට සහභාගි විය හැකි සංඛ්‍යාව ද සීමා කර තිබේ.
ඒ අනුව එක් වරකට දේවස්ථානය තුළ දේව මෙහෙයට සහභාගි විය හැක්කේ 25දෙනෙකුට බව ද එම නිවේදනයේ සදහන් වේ.
(Aruna)