Saturday, August 16, 2025
Follow Us
මෙරට පැතිරෙන කොරෝනා ප්‍රභේදය හදුනා ගැනීමට අද සිට විශේෂ පරීක්‍ෂණ

මෙරට තුළ සිඝ්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වෛරස් ප්‍රභේදය හදුනාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මගින් අද දිනයේ විශේෂ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එම ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසුවේ කොළඹ සහ කුරුණෑගල ප්‍රදේශවලින් ලැබුනු ජෛව සාම්පල යොදා ගනිමින් විශේෂ පී සී ආර් පරීක්ෂණ අද දිනයේ සිදු කරන බවයි.

රටතුළ පැතිර යන වෛරස් ප්‍රභේදය හදුනා ගැනීම සඳහා අද දිනයේ ආරම්භ කෙරෙණ තවත් විශේෂ පරීක්ෂණයක් පිළිබඳවද වෛද්‍ය චන්දිම ජීවන්දර නෙත් නිවුස් වෙත කරුණු දැක්වූවා.

(Neth)