Sunday, August 17, 2025
Follow Us
අවම වශයෙන් දින 04ක කාලයක් සඳහාවත් රට වසා දමන්න!-මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කොරෝනා රැල්ල පාලනය කිරීම සඳහා අවම වශයෙන් දින 04ක කාලයක් රට වසා දමන්නැයි මේ වන විටත් ජනාධිපතිට ඉදිරිපත් කර ඇති බව පවසා සිටී.

එහිදි ඔහු අවධාරණය කර සිටියේ මතුවෙමින් ඇති තත්වය පාලනය කිරීමට මෙම පියවර ගත යුතු බවයි.

ඔවුන් ජනාධිපතිට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් සාධනීය ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් අද පස්වරුවේ පැවැත්වෙන හමුවේදී ඒ ගැන සාකච්ඡා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

(Lanka Leads)