Sunday, April 26, 2026
Follow Us
කුරුණෑගල ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කරයි

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ල ග්‍රාම නිලධාරී වසම (GN 442) ඊයේ රාත්‍රී‌යේ සිට හුදකලා කර ඇත.

මේ සම්බන්ධ කොවිඩ් 19 පැතිරීඹ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.

(Aruna)